ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිත කිරීම සඳහා යැයි පවසමින් එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව සමග එක්වෙමින් ඉන්දියාව ගෙනා යෝජනාවලියට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමට අද (05දා) ශ්‍රී ලංකා ක්‍රිකට් බලධරයෝ තීරණය කළහ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්, ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයන්, හිටපු ක්‍රිකට් සභාපතිවරුන්, හිටපු නායකයන්, ක්‍රිකට් ක්‍රීඩකයන් සහ ක්‍රීඩා අමාත්‍යංශ නියෝජිතයන් එක්ව පැවති සාකච්ඡාවකින් පසු ඉන්දියාව ගෙනන යෝජනාවට විරුද්ධ වීමට තීරණය කළ බව ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා ප්‍රකාශ කළේය.