ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ ගෙන ආ ගැසට් නිවේදන තුනෙන් එකක් පාර්ලිමේන්තුවේදී අද (24දා) සම්මත විය.
ඒ අනුව ඩී.ආර්. විජේවර්ධන මාවතේ ඉදිකිරිමට යෝජිත හොටල් ව්‍යපෘතියට අවසරය ලැබුණි.
පනතට පක්ෂව ඡන්ද 113ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ද 42ක් ලැබුණි. ඒ අනුව ගැසට් නිවේදනය වැඩි ඡන්ද 71කින් සම්මත විය.
අතුරුලියේ රතන හිමියෝ එයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
ඇමති විමල් විරවංශ, පාඨලී චමිපික ඡන්දය විමසන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ නොසිටියහ.
මේ සම්බන්ධයෙන් වන ඉතිරි ගැසට් නිවේදන දෙක හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.