මිනිස් පරිභෝජනයට නුසුදුසු පරිප්පු තොගයක් තෙල් වර්ගයක් යොදා පරිසුදු කර නැවත ඩයි වර්ගයක් දමා අලුත් පෙනුමක් ලබාදී වෙළඳපොළට එවීමට සැකසූ මෝලක් පාරිභෝගික අධිකාරිය මගින් වැල්ලම් පිටියේ දී අත් අඩංගුවට ගෙන තිබේ.
මෙහි තිබූ මෙලෙස සකස් කළ පරිප්පු කිලෝ 40800 ක් අධිකාරියට ගෙන තිබේ. මෙහි වටිනාකම රුපියල් කෝටි 5 කට අධික බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.