තම පක්ෂය නැවත බලයට පැමිණියහොත් සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන බව ඩී.එම්.කේ. පක්ෂයේ නායක එම්. කරුණානිධි සඳහන් කරයි.
එසේම මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට මෙන්ම ඉන්දියාවට ආර්ථික වාසි ගෙනදෙන ව්‍යාපෘතියක් බවද කරුණානිධි පවසයි.
එසේම වර්තමාන තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් තමිල්නාඩුව තුළ කිසිම සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොකළ බවත්, සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලෙස ඉන්දීය මධ්‍යම රජය සඳහන් කළත් මහඇමතිනිය එය ප්‍රතික්ෂේප කළ බවත් කරුණානිධි සඳහන් කළේය.