පොලීසියෙන් යැයි පවසා රුපියල් ලක්ෂයක කප්පමක් ඉල්ලා සිටි තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පෝද්දල පොලිසිය කියයි.
ගාල්ල හිරිඹුර හන්දියේ අවන්හලකට ඇතුලු වූ මෙම කප්පම්කරුවන් තිදෙනා අවන්හලට ඇතුලු වී ගාල්ල පොලිසියේ දූෂණ මර්ධන අංශයේ පොලිස් නිලධාරින් යැයි පවසා අවන්හල් හිමියාගෙන් රුපියල් ලක්ෂයක කප්පමක් ඉල්ලා තිබේ.
අත්අඩංගුවට ගත් කප්පම්කරුවන් තිදෙනාගෙන් එක් අයෙකු තෙලිකඩ පොලිසියේ කොස්තාපල්වරයෙකු බවැ අනාවරණය වී තිබේ.
ජිනේෂ් නානායක්කාර / රවීන්ද්‍ර ශ්‍රීලාල්