රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවෙකු මියයාමේ සිදුවීමට අදාළව අත්අඩංගුවට ගත් කන්දකැටිය පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් හා සිවිල් ආරක්ෂක බළකා සාමාජිකයන් හත්දෙනා එළඹෙන 16වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
අත්අඩංගුවට පත් පොලිස් නිලධාරීන් අද (11දා) බදුල්ල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. එම නිලධාරීන් එළඹෙන 16 වැනිදා හඳුනාගැනීමේ පෙරෙට්ටුවකටද ඉදිරිපත් කිරීමට නියමිතය.