(UPDATE) 2016/08/01 11.30 AM
කටුනායක ගුවන් තොටුපොළේ නිදහස් සේවක සංගමයේ සභාපති වරකාපොළ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී වර්ණසිරි මුහන්දිරම් මහතා ඇතුළු්ය තිදෙනෙකු එළැඹෙන 04දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තුල්හිරිය මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (01දා) නියෝග කළේය. රාජ්‍ය දේපළ අවභාවිත කිරීමේ චෝදනා යටතේ ඔවුහු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.
හිටපු අමාත්‍ය ධර්මසිරි සේනානායක මහතාගේ ගුණ සැමරුම වෙනුවෙන් යොදාගත් රජයේ වාහන දෙකක් පාද යාත්‍රාවට යොදා ගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.
2016/07/31 12.39 PM
කටුනායක නිදහස් සේවක සංගමයේ සභාපති අත්අඩංගුවට
කටුනායක ගුවන් තොටුපොළේ නිදහස් සේවක සංගමයේ සභාපතිවන වර්ණසිරි මුහන්දිරම් මහතා වරකාපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. රාජ්‍ය දේපළ අවභාවිත කිරීමේ චෝදනා යටතේ ඔහු මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ.
ගුවන්තොටුපොළේ දොඹකරයක් හා වෑන් රථයක් නීති විරෝධී අයුරින් පාද යාත්‍රාවට යොදා ගැනීමේ චෝදනා සභාපතිවරයාට එල්ල වී තිබේ. ඔහු වරකාපොළ ප්‍රා දේශීය දභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුද වෙයි.
හිටපු අමාත්‍ය ධර්මසිරි සේනානායක මහතාගේ ගුණ සැමරුමක් සඳහා මෙම රජයේ වාහන යොදාගෙන තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා හා පළාත් මන්ත්‍රී උදයකාන්ත වර්ණකුලසූරිය මහතා දොඹකරයේ නැගී ධර්මසිරි සේනානායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය.
ධර්මසිරි සේනානායක මහතා වෙනුවෙන් දානමය පිංකමක් ඊයේ වරකාපොළදී පැවැති අතර ඒ සඳහා දොඹකරය වෙන්කර තිබුණත් එය පාද යාත්‍රාවට යොදාගෙන තිබුණි.