ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවත්වාගෙන යාමට ප්‍රමාණවත් ඉඩ පහසුකම සහ අවශ්‍ය තරම් ඖෂධවේදීන් නොමැති වීම නිසා සේවයේ නියුතු ඖෂධවේදීන් දැඩි අපහසුතාවයන්ට පත්ව සිටින බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
ඖෂධ ලියාපදිංචි කටයුතු කිරීම සහ ඖෂධ නිෂ්පාදනය කරන ස්ථාන පරීක්ෂා කිරීම ඖෂධවේදීන් සතු රාජකාරී බවත්, එම රාජකාරී කටයුතු කිරීම සඳහා ඖෂධවේදීන් 100කට වැඩි පිරිසක් සිටිය යුතු බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් තිලකරත්න මහතා සදහන් කළේය.
එහෙත් දැනට සේවයේ යොදවා සිටින්නේ ඖෂධවේදීන් 30 ක් පමණක් බවත්, එම 30 දෙනාට අවශ්‍ය ඉඩ පහසුකමවත් මෙම ස්ථානයේ නොමැති බවද සඳහන් කළේය.