රජයේ ඖෂධ සංයෝජක නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ දෙදින වැඩ වර්ජනය අත්හිටුවීමට තිරණය කළ බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක එන්.එම්.එස්. බණ්ඩාර මහතා පැවසීය.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග අද(12දා) පැවැත්වූ සාකච්ඡාවකින් පසුව තීරණය ගත් බවත්, ඒඅනුව අද දිනයේදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සමග සාකච්ඡාවක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා එකඟ වූ බවත් ඔහු කීය.
එම පොරොන්දු ඉටුනොවුවහොත් තම සංගමයේ මධ්‍යම කාරක සභාව රැස්ව ඉදිරී තීරණ ගන්නා බවද බණ්ඩාර මහතා වැඩිදුරටත් ප්‍රකාශකළේය.