“ඕනෑම ගොනෙකුට යුද්ධය කරන්න පුළුවන් කියලා කියපු ගොනෙක් මේ රටේ ඉන්නවා. ඇතැම් දේශපාලන පක්ෂවල නායකයන්ට ඔනේ මේ රට අධිරාජ්‍යවාදීන්ට පාවාදෙන්න. ඔවුන් අධිරාජ්‍යවාදීන්ගේ රූකඩ බවට පත්වෙලා තියෙනවා. ඇමෙරිකාව වැනි රටවලට ඕනෙ, මේ රටේ ඔවුන්ට හිස නමන නායකයෙක් පත් කරලා එම නායකයා අධිරාජ්‍යවාදීන්ගේ බලු කුක්කෙක් කරගන්න. යුද්ධයෙන් බේරාගත් මෙරට නැවත දෙකඩ කරන්න අපි දෙන්නෙ නැහැ.” යැයි නිවාස, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පානදුර පුරහල් ශ්‍රවණාගාරයේදී පැවැති කළුතර දිසා සමුළුවේදී පැවසීය.