මොරටුව ලූනාව ප්‍රදේශයේ පිහිටි ලැඟූම්හලක රැඳී සිටි පුද්ගලයන් 13 දෙනෙකු සැකපිට ඊයේ (03දා) රාත්රියේදී මොරටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ ඔවුන්ව ඔස්ට්‍රේලියාවට යවන බව සඳහන් කරමින් මොරටුවට කැඳවාගෙන ආ බවයි.
ඔවුන් උතුරු ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් වන අතර, ඔස්ට්‍රේලියාවට යවන බව දන්වමින් එක් අයෙකුගෙන් රුපියල් 10000 ක් ලබාගෙන ඇති බවත්, පොලිස් මූලස්ථානය පවසයි.