සරාගී පොප් ගායිකා බියොන්සේ සහ ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා අතර රහස් සබඳතාවක් පවතින බවට ප්‍රංශ මාධ්‍ය කළ අනාවරණය මේ වනවිට ලොවම කළඹා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමාගේ පවුල් ජීවිතය මේ වනවිට බලවත් අර්බුදයකට ලක්ව තිබීමත්, ඔහු සිය භාර්යාව වූ මිෂෙල්ගෙන් ක්‍රම ක්‍රමයෙන් දුරස් වෙමින් සිටීමත් නිසා මේ අනාවරණය තවදුරටත් ප්රත්යක්ෂ කරන බවද කියැවෙයි.
ප්‍රංශ ජනාධිපති ප්රංශුවා හොලන්ඩේ සහ එරට ජනප්‍රිය නිලි ජූලියා ගයේට් අතර ඇති රහස් සබඳතාව පිළිබඳව ලොවට හෙළි කළ ප්‍රංශ ඡායාරූප ශිල්පී පැස්කල් රොස්ටෙයින් විසින්ම ඔබාමාගේ සහ බියොන්සේගේ රහස් සබඳතාව එළිදරව් කිරීමද විශේෂත්වයකි.
“ඔබ දන්නවාද, මේ මොහොතේ, ඇමෙරිකා එක්සත් ජනපදය තුළ, ලොකු දෙයක් වෙන්න පුළුවන්” යැයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් රොස්ටෙයින් පවසා තිබේ. “මේ සුවිශේෂී පුවත හෙට වොෂිංටන් පෝස්ට් පුවත්පතින් ඔබට දැකගැනීමට පුළුවන්. එය ජනාධිපති බරැක් ඔබාමාගේ සහ බියොන්සේගේ සම්බන්ධතාව පිළිබඳ පුවතක් වේවි. ලෝකය මේ ගැන බොහෝ කතා කරන බව මගේ විශ්වාසයයි.”
මේ අතර වොෂිංටන් පෝසට් පුවත්පත රොස්ටෙයින්ගේ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කර ඇති අතර, බියොන්සේගේ ප්රකාශකයෙකුද පවසා ඇත්තේ බියෝන්සේ හා ජනාධිපතිවරයා අතර සබඳකමක් පවතිනවා යැයි පැවසීම විහිළු කතාවක් බවයි.
ඔබාමා ජනාධිපතිවරයා ලෙස ප්‍රථම දිවුරුම් දීමේදී ධවල මන්දිරයේ පැවැති බාල් නර්තනය සඳහා පසුබිම් ගීත ගායනා කිරීමට ආරාධනා ලැබුවේ බියොන්සේය. අනතුරුව ඔබාමා දෙවැනි වර ජනාධිපති ධුරයේ දිවුරුම් දෙන අවස්ථාවේදී ඇමෙරිකානු ජාතික ගීය ගායනා කළේ බියොන්සේ විසිනි. එමෙන්ම පසුගියදා පැවති මිෂෙල් ඔබාමාගේ 50 වැනි උපන්දින සාදයේදීද ගීත ගායනා කිරීමට බියොන්සේට ආරාධනා ලැබුණි. බියොන්සේ සේම ඔහුගේ ස්වාමියා වන ජේ සීද ඔබාමාගේ මැතිවරණ ව්‍යාපාරයේ අරමුදල් එකතුකිරීමේ වැඩසටහන සඳහා සම්බන්ධ වී සිටි බව නොරහසකි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන රොස්ටෙයින් පවසන්නේ, 59 හැවිරිදි වියේ පසුවන හොලන්ඩේ 41 හැවිරිදි වියේ පසුවන ජූලි ගයේට් සමග සබඳතාවක් පැවැත්වූයේ නම්, 52 හැවිරිදි ඔබාමා 32 හැවිරිදි බියොන්සේ සමගින් සබඳතාවක් ඇති කර නොගනී යැයි සිතිය නොහැකි බවයි.
මේ කතාව ඇතැම් අය ප්‍රතික්ෂේප කළත් හොලන්ඩේ සහ ජුලි ගයේට් පිළිබඳ තොරතුරු ලොවට අනාවරණය වූ අවස්ථාවේදී හොලන්ඩේ හැසිරුණු ආකාරය දෙස බැලීමේදී හා පසුව ඔහු සිය සහකාරිය පළවා හරිමින් තමන්ගේ අලුත් ප්‍රේමයට ඉඩ හසර සාදා ගත් ආකාරය විස්තර කරන රොස්ටෙයින්, ඔබාමා-බියොන්සේ රහස් ප්‍රේමය හිතලුවක් නොවන බව අවධාරණය කරයි.