ඔක්තෝබර් මාසය වනවිට ස්ථාන 400 ක WiFi පහසුකම් ලබාදීමට අවශ්‍ය කටයුතු කර තිබෙන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ සිට ගූගල් ලූන් බැලුනයක් ලංකාවේ ඉහළ අහසේ රැඳවීමට අවශ්‍ය සියලුම කටයුතු අවසන් කර තිබෙන බවද අද (03දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා සඳහන් කළේය.
දැනට ස්ථාන 255 කට ආසන්න ප්‍රමාණයක් WiFi පහසුකම් ලබාදී තිබෙන බවත්, පොදුවේ දැනට ක්‍රියාත්මක වන ස්ථානවල පවතින වේගය දෙගුණයකින් ඉහළ දමන බවද හෙතෙම සඳහන් කළේය.