ඒකාබද්ධ විපක්ෂය යටතේ සිටින කිසිදු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකු කුරුණෑගල පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරයට සහභාගි නොවිය යුතු බවට ආසන බලමණ්ඩල තීරණය කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක රංජිත් ද සොයිසා මහතා සඳහන් කළේය.
මේ නිසා ඒකාබද්ධ විපක්ෂය යටතේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් සංවත්සරයට සහභාගි නොවීමට තීරණය කළ බවද ඔහු පවසා සිටියේය.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරයට සහභාගි වීම පිළිබඳ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් සමග සාකච්ඡා කළා. එහිදී මහින්ද රාජපක්ෂ මහතා විසින් තනි තීන්දුවකට නොගොස් පක්ෂ ආසන බලමණ්ඩල කැඳවා තීරණයක් ගන්නා ලෙසට උපදෙස් ලබාදුන් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අනුව ආසන බලමණ්ඩල කැඳවා මේ පිළිබඳ විමසූ බවත්, එහිදී සංවත්සරයට සහභාගි නොවන ලෙස සියලු දෙනා එක හඬින් ප්‍රකාශ කළ බවත් ඔහු පවසා සිටියේය.
මේ නිසා ඒකාබද්ධ විපක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ තීරණයට අනුව සංවත්සරයට සහභාගි නොවීමට ඒකමතිකව තීරණය කළ බවද හෙතෙම සඳහන් කළේය.