වරායේ ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව නමින් පෙනී සිටින කණ්ඩායම සමඟ තම සංගමයේ කිසිඳු සම්බන්ධතාවක් නැතැයි එක්සත් ජාතික පක්ෂයෙහි වරාය ජාතික සේවක සංගමය පැවසීය. පසුගිය කාල සීමාවේදී වූ පාලනය කළ නොහැකි සිදුවීම් තමන් දැඩිව හෙළා දකින බවද ජීවිත පරිත්‍යාගයෙන් ගොඩනඟා ගත් යහපාලන රජයේ ඉදිරි වැඩපිළිවෙලට හදවතින්ම සහාය දක්වන බව එම සංගමය පැවසීය. වරාය සහ නාවික අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකට එක් වෙමින් මේබව ප්‍රකාශකළේය.
වරාය ජාතික සේවක සංගමයේ නිලධාරී මණ්ඩලය සහ එහි මව් සංගමය නියෝජනය කරමින් ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිල්නාල් ද මැල් මහතා සහ ජාතික සේවක සංගමයේ උපසභාපති සහ එහි මාධ්‍ය ලේකම් සුනිල් සිල්වා මහතාද මෙම සුහද සාකච්ඡාවට එක් වූහ.