වැල්ලවත්ත ප්‍රදේශයේ ආයුර්වේද ආයතනයක් පවත්වාගෙන යනු ලබන වෛද්‍යවරයකුගෙන් කප්පම් ලබාගැනීමට උත්සාහ කළ කල්ලියක් ඊයේ (08 දා) රාත්‍රී අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත් වී ඇත.
තමන් එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ පුද්ගලයින් යැයි පවසමින් මෙම කල්ලිය විටින් විට වෛද්‍යවරයාට තර්ජනය කර තිබේ.
ඒ අනුව රුපියල් ලක්ෂ 10 ක කප්පම් මුදලක් ගැනීමට උත්සාහ කිරීමේදී අපරාධ කොට්ඨාසය විසින් පුද්ගලයන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවගෙන් දෙදෙනෙක් මොරටු ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර, අනෙක් පුද්ගලයා යාපනය ප්‍රදේශයේ පදිංචි අයෙකි.
මොටරටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ නිවෙස් වල තිබූ ජංගම දුරකථන හා පරිගණක පරීක්ෂා කිරීමේදී එල්.ටී.ටී.ඊ, සංවිධානයට අයත් වීඩියෝ දර්ශන පැවති බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේය.