මහජන මුදල් යොදවා රට තුළ සිදුකරන ව්‍යාපෘති පිළිබඳව සොයා බැලීමේ ගවේෂණ චාරිකාව යටතේ අද (29දා) නොරොච්චෝලේ තාප විදුලිබලාගාරය පිළිබඳව සොයා බැලීමට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේය.
2010 වසරේදී එක්සත් ජාතික පක්ෂයෙන් මුල්වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් 17 දෙනෙකු අයත් මෙම කණ්ඩායමේ ඉන් තිදෙනෙකු විදේශගතවී සිටින නිසා 14 දෙනෙකු මෙම චාරිකාවට සහභාගී වන බවත් එම මන්ත්‍රීවරුන් 14 දෙනා අතරට හම්බන්තොට මත්තල ගුවන්තොටුපල සහ වරාය පිළිබඳව සොයා බැලීමට සහභාගී වූ මන්ත්‍රීවරුන් 05දෙනාම ඇතුළත් බවද ඔහු සඳහන් කළේය.
මීට අමරතව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංග බණ්ඩාර මහතාද මේ සඳහා සහභාගීවීමට කැමැත්ත පළ කර තිබෙන බවත්, ඒ මහතා නොරොච්චෝල ප්‍රදේශයේදී චාරිකාවට එක්වන බවද ඔහු පවසා සිටියේය.