එක්සත් ජාතික පෙරමුණ නියෝජ්නය කරන දේශපලාන පක්ෂ නායකයන් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය පරාජය කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව ඔවුන් විශ්වාසභංගයට විරුද්ධව සිය ඡන්දය ප්රකාශ කිරීමට නියමිතය. එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් හා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අතර අරලියගහ මන්දිරයේදී ඊයේ (30දා) පැවැති සාකච්ඡාවකදී ඔවුන් මෙම තිරණය ගෙන තිබේ.
මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ ප්රතිසංවිධානයක් කිරීමටද අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සිය කැමත්ත ප්රකාශ කර ඇත.