ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ලබන බ්‍රිතාන්‍ය ජාතිකයන් බොද්ධාගමට පිළිබඳව වැරදි චිත්‍රයක් මැවෙන අයුරින් කටයුතු නොකරන ලෙස බ්‍රිතාන්‍ය රජය විසින් ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ලබන එරට සංචාරකයන්ට පවසා තිබේ.
ඔවුන්ගේ නවතම සංචාරක උපදෙස් මාලාවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ලබන එරට සංචාරකයන් බුදු පිළිම ඉදිරියේ ඡායාරූප ගැනීමෙන් වළකින ලෙසත්, එසේම බුදුරුව සහිත පච්චා ඇගේ ඇඳ ගැනීමෙන් වළකින ලෙසත්, දන්වා තිබේ.
එසේම බොද්ධ විහාරස්ථානවල සංචාරය කරන විට විනයානුකූල ඇඳුම් පැළදුමෙන් සැරසෙන ලෙසත්, ඔවුහු පවසති. එහිදී උරහිස් මෙන්ම දෙපා වැසෙන පරිදි ඇදුම් අඳින ලෙසත්, ඔවුන් සිය උපදෙස් මාලාවේ සඳහන් කර තිබේ.
එසේම බුද්ධ රූපවලට අපහාස නොවන අයුරින් කටයුතු කරන ලෙසත්, එංගලන්ත රජය ශ්‍රී ලංකාව වෙනුවෙන් නිකුත් කළ නවතම සංචාරක උපදෙස් මාලාවේ දන්වා තිබේ.