ඉදිරි වසර දෙක තුළදී උම්බලකඩ ආනයනය කිරීම අත්හිටුවීමට හැකිවනු ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අමාත්‍යවරයා පවසා සිටින්නේ හම්බන්තොට පහජ්ජාව ප්‍රදේශයේ ක්‍රියාත්මක කෙරෙමින් පවතින උම්බලකඩ ව්‍යාපෘති මේ වනවිට සාර්ථකව ඇති අතර, කර්මාන්තයේ නිරත එක් පවුලක් දිනකට උම්බලකඩ කිලෝග්‍රෑම් 1000 ක් පමණ නිෂ්පාදනය කරන බවයි.
ඒ අනුව එක් කිලෝවක් රුපියල් 900 බැගින් අලෙවි කරන බවද පැවසෙයි.
මීට සමගාමීව මත්ස්‍ය සැකසුම් කර්මාන්ත ශාලාවලට අවශ්‍ය පහසුකම්ද රජයේ මැදිහත්වීමෙන් ලබාදීමට ඉදිරියේදී පියවර ගන්නා බව අමාත්‍යවරයා පවසා සිටියි.