කොටුව දුම්රියපොළ ඉදිරිපිට මාරාන්තික උපවාසයේ යෙදෙන පොළොන්නරුවේ සීලවිමල හිමියන් රෝගාතුර වී අසාධ්‍ය තත්ත්වයෙන් පසුවෙන බව සිංහල රාවය සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන හිමියෝ පැවසූහ.
ආහාර හා ජලය නොගෙන නිරාහාරව සිටින බැවින් සීලවීමල හිමියන් අසාධ්‍ය තත්ත්වයෙන් පෙළෙන බව දයාරතන හිමියෝ කීහ.
ඊයේ (18දා) සවස උපවාසය ආරම්භ කළ මොහොතේ පටන් මේ දක්වා උපවාසයේ යෙදෙන හිමිවරුන් කිසිදු ආහාරයක් නොගත් බවද උන්වහන්සේ සඳහන් කළහ.