පුනරින්, මුලන්කාවිල් හා පුලියන්කුලම්හි ඉඩම් අක්කර 24 ක් එහි මුල් පදිංචිකරුවන් අතරේ බෙදාහැරීමට කටයුතු කළ බව රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
කිලිනොච්චි ආරක්ෂක සේවා මූලස්ථානය විසින් මෙම ඉඩම් මුල් පදිංචිකරුවන් වෙත ලබා දී තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් වන්නි ආඥාපති මේජර් ජනරාල් සුදන්ත දම්සිංහ මහතා සඳහන් කළේ අදාළ ඉඩම්වල නියම හිමකරුවන් සෙවීම සංකීර්ණ ක්‍රියාවලියක් බවයි.