උතුරු නැගෙනහිර පළාතේ රෝහල් වෛද්‍යවරුන් නොමැතිව වැසීයමින් තිබියදීත්, සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 1100කට පත්වීම් ලබාදීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව කටයුතු නොකරන බවත්, එමනිසා එම පිරිස් කාර්යභාරයක් නොමැති වෛද්‍යවරුන් බවට පත්ව තිබෙන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
රජරට වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ වෛද්‍ය ශිෂ්‍යයන් සීමාවාසික පුහුණුව අවසන් කර නොමැති බව සඳහන් කරමින් රාජ්‍ය සේවා කොමිසම විසින් පසුගිය දෙසැම්බර් මාසයේදී සීමාවාසික පුහුණුව අවසන් කළ මෙම පිරිසට පත්වීම් ලබානොදී තිබෙන බවද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවින්ද සොයිසා මහතා සඳහන් කළේය.
මෙම පිරිසෙන් 400කට ආසන්න පිරිසක් වෙන්කර තිබෙන්නේ උතුරු නැගෙනහිර පළාත් රෝහල්වල පවතින වෛද්‍ය පුරප්පාඩු සම්පූර්ණ කිරීමට සහ වෛද්‍ය ස්ථාන මාරුවීම් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේදී සිදුවන වෛද්‍ය පුරප්පාඩු සම්පූර්ණ කිරීමට බවද ඔහු පවසා සිටියේය. මේ නිසා නීතිපතිවරයා හෝ මැදිහත් වී මෙම පිරිසට පත්වීම් ලබාදීමට කටයුතු කරන ලෙසද එම සංගමය ඉල්ලා සිටියි.