දේශීය පාරම්පරික උඩරට නර්තනය හා සංස්කෘතික උරුමයන් සුරැකීම සඳහා ප්‍රාසංගික පුහුණු මධ්‍යස්ථානයක් ශ්‍රී දළදා මාළිගාවට අනුයුක්තව පල්ලෙකැලේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන පරිශ්‍රයේ ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබේ.
පාරම්පරික උඩරට නර්තනය හා සංස්කෘතික උරුමයන් සුරැකීම සඳහා වන ප්‍රාසංගික පුහුණු ආයතනයක් ඉදි කිරීමේ යෝජනාවක් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේතුමා විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති අතර ඒ අනුව මෙම තීරණය ගෙන ඇත.
ඒ සඳහා රුපියල් මිලියන 120ක අරමුදල් සැපයීමට ඉන්දියානු රජය එකඟතාව පළ කොට ඇති බව රජය පැවසීය.
උඩරට නර්තන කලාව ආරක්ෂා කරමින් සහ එහි අනන්‍යතාව හා සංස්කෘතික ගුණාංග තවදුරටත් රැකගනිමින් පවත්වාගෙන යාම පිණිස නර්තන ශිල්පීන් දිරිගැන්වීම, පුහුණුව, සංවර්ධනය හා එම කලාවන් ආශ්‍රිතව ජීවනෝපාය සැකසීම මෙහි අරමුණු වේ.