තෛපොංගල් උත්සවය වෙනුවෙන් ඉන්දියාව හා ශ්‍රී ලංකාව යන රටවල් දෙකම සිය අත්අඩංගුවේ පසුවන ධීවරයන් 20 බැගින් ඊයේ (13දා) නිදහස් කරන ලදී.
ධීවර ප්රශ්නය දෙරටටම බලපාන කරැණක් වී ඇති බව පවසමින් ඉන්දීය විදේශ අමාත්‍ය සල්මන් කුර්ෂිඩ් මහතා ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාට පසුගියදා මේ සම්බන්ධයෙන් දුරකථන ඇමතුමක්ද ලබාදී ඇතැයි වාර්තා වෙයි.
ඒ අනුව තමිල්නාඩුවේ අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයන් 20 ක් නිදහස් කළ බවත්, ශ්‍රී ලංකාවද ඊට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය ධීවරයන් 20 දෙනෙකු නිදහස් කළ බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
කුර්ෂිඩ් මහතා සිය දුරකථන ඇමතුම ලබාදෙන මොහොතේදී පීරිස් මහතා ජෙරුසෙලම් නුවර සංචාරයක නිරතව සිටියේය.
ශ්‍රී ලංකාවේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා, නිලධාරීන් හා ශ්‍රී ලංකා ධීවර නියෝජිත කණ්ඩායමක් සමග ඉන්දියාවේ කෘෂිකර්ම හා ආහාර සැකසුම් කර්මාන්ත අමාත්‍ය ෂාරාඩ් පවෙර් මහතා සමග සාකච්ඡා පැවැත්වීමට සඳහා හෙට (15දා) නවදිල්ලිය බලා පිටත්ව යනු ඇත.
ශ්‍රී ලංකා හා ඉන්දියානු ධීවරයන් එකිනෙක රටවලට අයත් මුහුදු තීරවලදී නීත්‍යනුකූල නොවන අයුරින් ධීවර කටයුතුවල නියැළීම වැළැක්වීමේ සහ නීතිවිරෝධී ක්‍රම යොදා ගනිමින් ධීවර කටයුතුවල නියැළීම තහනම් කිරීමේ අරමුණින් යුතුව අන්‍යොන්‍ය වශයෙන් එකඟතාවකට පත්විය හැකි දීර්ඝකාලීන පියවර පිළිබඳවද මෙහිදී සාකච්ඡා පැවැත්වීමට අමාත්‍යවරු අපේක්ෂා කරති.
ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ ධීවර සංගම් අතර රුස්වීමක් පැවැත්වීම සඳහා සිදුකරනු ලබමින් සිටින වැඩකටයුතු පිළිබඳවද අමාත්‍යවරුන් දෙපළ මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.
චමෝද්‍යා අමරජීව