යාපනය,ඩෙල්ෆ්ට් මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් අල්ලමින් සිටියදී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන් 08 දෙනා එළඹෙන දෙසැම්බර් මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට යාපනය කයිට්ස් මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් මහතා ඊයේ (29දා)නියෝග කළ බව යාපනය ධීවර පරීක්ෂක කාර්යාල නියෝජ්‍ය අධ්යක්ෂ එස්.රමේෂ් ඛන්නා මහතා පැවසීය.