මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටින ඉන්දීය දක්ෂිණ ප්රදේශ යුද හමුදා ප්රධානී ලුතිතන් ජෙනරාල් අශෝක් සිං අද (19දා) යුද හමුදා මූලස්ථානයේදී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා හමුවිය.
යුද හමුදා මුලස්ථානය වෙත පැමිණි මෙතුමා හමුදා සම්ප්රදායානුකූලව පිළිගත් අතර, වර්තමානයේ ශ්රී ලංකා යුද හමුදාව තුළ සිදුකෙරෙන පුහුණු කටයුතු පිළිබඳවද දෙපාර්ශ්වයේ අවධානය යොමු විය.
ලුතිතන් ජෙනරාල් අශෝක් සිං මහතා ශ්රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී එහි මාණ්ඩලික ප්රධානියාද, ඉන්දීය මහකොමසාරිස්වරයා සහ ආරක්ෂක මාණ්ඩලික ප්රධානියාද හමුවීමට නියමිතය.