ඉන්දීය රජ්‍ය සමග ධීවර අමාත්‍යාංශයේ නිලධාරීන් කළ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස තමිල්නාඩු අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකීක ධීවරයන් පනස් දෙදෙනෙකු පළමු කණ්ඩායම ලෙස නිදහස ලබා දිවයිනට ළඟාවන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා පවසයි.
එම ධීවරයන් පනස් දෙදෙනා (52) කන්කසන්තුරේ නාවික හමුදා කඳවුර වෙත අද (16දා) සවස 5.30 වනවිට ළඟා වූ බවද පැවසූ අමාත්‍යවරයා, එම ධීවරයන්ගේ ඥාතීන්ට ඔවුන්ට හඳුනාගැනීමට පැමිණෙන ලෙසද ඉල්ලා සිටියේය.