ඉන්දියාවේ ප්රධාන සංඝනායක ආචාර්ය රාජකීය පණ්ඩිත ජූලම්පිටියේ ඥාණරතන හිමියෝ අපවත් වූහ.
අපවත් වන විට උන්වහන්සේ 73 වැනි වියේ පසුවූහ.
පසුගිය කාලයේ අසනීප තත්ත්වයෙන් පසුවූ උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලකදී ප්රතිකාර ලබා ඇත.
ඉන්දියාවේ ප්රධාන සංඝනායක ධූරය මෙන්ම දඹදිව සංකස්සපුර මෛත්රී බුද්ධ මහා විහාරයේ විහාරාධිපති වශයෙන්ද එහිමියෝ කටයුතු කළහ.
ඥානරතන හිමියන්ගේ ශ්රී දේහය අද රාත්රියේ මාතර – කිරින්ද පූර්වාරාම විහාරස්ථානය වෙත රැගෙන ඒමට නියමිතය.