එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායකයෙක් වශයෙන් පිළීගැනෙන නෙදියවන් අත්අඩංගුවට ගැනීමට අවශය රතු නිවේදන නිකුත් කිරිමට ඉන්ටර්පෝල් ආයතනය කටයුතු කොට තිබේ. ත්‍රස්තවාදී කටයුතු සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය පුද්ගලයෙක් ලෙස නෙදියවන් නම් කිරීමට ඉන්ටර්පෝල් (ජාත්‍යන්තර පොලීසිය) ආයතනය කටයුතු කොට තිබේ.
සිවපාරන් පෙරින්පනායගම් යනුවෙන් හඳුන්වන නෙදියවන් එක් වරක් නොවේහිදී අත්අඩංගුවටද පත්ව තිබේ. නෙදියවන් අත් අඩංගුවට ගැනිමට රතු නිවේදනයක් නිකුත් කරන ලෙසට ශ්‍රී ලංකා පොලීසිය මීට ඉහතදී ජාත්‍යන්තර පොලිසියෙන් ඉල්ලීමක් කර තිබුණි.