සිරිකොත පක්ෂ මූලස්ථානයට හූ කියූ හා ගල් ගැසූ පුද්ගලයින් අදටත් දඬුවම් විඳින බවද සනත් නිශාන්ත මන්ත්‍රීවරයාට පමණක් නොව ඉදිරියේදී තවත් අය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට නියමිත බවද මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
හනුමා පාලම පුපුරුවා හරින බවට උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා ඊයේ මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශය පිළිබඳ සඳහන්කරමින් අමාත්‍යවරයා පැවසූයේ එවැන්නක් කිරීමට ඔවුන් ත්‍රස්තවාදී සංවිධානයක් විය යුතු බවය. එමෙන්ම ශ්‍රීලනිපයේ ඡන්ද පදනමින් ජීවත්වන පරපෝෂිතයින් කියන කතා ගණන් ගත යුතු නැති බවද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ අද(05දා) පැවැති මාධ්‍ය හමුවකදීය.