අවුරුදු කාලසීමාවේදී යතුරුපැදිවල ඉදිරිපස ප්‍රධාන ලාම්පුව දල්වාගෙන දිවා කාලයේදී ධාවනය කරන්නැයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
උත්සව සමයේදී සිදුවිය හැකි මාර්ග අනතුරු ප්‍රමාණය අඩු කරගැනීම මින් අපේක්ෂා කෙරේ.
පොලිස් රථවාහන කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කුමාර රණසිංහ මහතා සඳහන් කළේ ඉදිරියේදී මෙය නීතියක් ලෙස ගෙනඒමේ ඉඩකඩ වැඩි බවයි.