ඉතිහාසයේ විශාලම විදුලි ඉල්ලුම 20 දා රාත්රියේදී ඇතිවූ බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය. එදින රාත්රියේදී ඇතිවූ විදුලි ඉල්ලුම මෙගාවොට් 2500ක් බවත් ඔහු පැවැසීය.
රඹුක්කන රජයේ රෝහලට සූර්ය විදුලි පද්ධතික් ලබාදීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි.
“මේ රටට විදුලිය හඳුන්වලා දුන්නයින් පස්සේ ඇතිවුණු විශාලම විදුලි ඉල්ලුම ඇතිවුනේ මේ මාසේ 20 දා රාත්‍රියේ. එය මෙගාවොට් 2500 කටඅධිකයි. ඒ ඉල්ලුමට හේතුව තමයි මේ දිනවල පවතින දැඩි උෂ්ණත්වය”
අපි සාමාන්‍යයෙන් නිවසකට විදුලිය සපයන්නේ ඒකකයක් රු. 4.00 ක් වගේ මුදලකට. නමුත් නිවසක සූර්ය බලයෙන් නිපදවන අතිරික්ත විදුලිය ඒකකයක් අපි මිලට ගන්නේ රු. 22.00 වැනි මුදලකට. ඒක විශාල ලාභදායි ක්‍රියාවලියක් වෙනවා විදුලි පාරිභෝකයාට. ඒ වගේම සූර්ය පද්ධති මිලදීගැනීමටශක්තියක් නොමැති කොටස්වලට තමන්ගේ වහලය කුලියට දීම මගින් ආර්ථික වාසි ලබාගැනීමේ ක්‍රමයක් අපි මේ වනවිට හඳුන්වා දීලා තිබෙනවා.”