රටේ ජනතාවගේ ඉඩම් අයිතිය පිළිබඳ ගැටලුවේදී දේශපාලන පක්ෂ බේදයකින් තොරව සියලුදෙනාට සමාජ සාධාරණත්වය ඉටුවිය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කරයි.
එය ජනතාව වෙත කි‍්‍රයාත්මක වන්නේ රුපියල් ශතවලට මුල්තැන දෙමින් සහ දූෂිත සහ වෙනත් අවිනීත අන්දමින් නම් රජයක් ලෙස ඉඩම් පිළිබඳ කුමන ප්‍රතිපත්තියක් අනුගමනය කළද පළක් නොවන බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ගොවි ජනතාවට නීත්‍යානුකූල ඉඩම් ඔප්පු 1053 ක් ප්රදානය කිරීම වෙනුවෙන් අද (30දා) පස්වරුවේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ පැවති උත්සවය අමතමිනි.
ඉඩම් පිළිබඳ කටයුතු කරන ආයතන පිළිබඳ ජනතාව තුළ ප්‍රසාදයක් නොමැති බවත් මෙම තත්ත්වයන් වහා වෙනස් විය යුතු බවත් ජනපතිවරයා පවසා සිටියේය.
එමෙන්ම ඉඩම් නිරවුල් කිරීම පිළිබඳ තීන්දු ලබාදීමේදී මෙන්ම ඉඩම් ඔප්පු ලබාදීම පිළිබඳ කටයුතුවලදී වඩා සාධාරණ සහ නිවැරදි තීන්දු ලබාදීමේ අවශ්‍යතාවය අවධාරණය කළ ජනාධිපතිතුමා එය එසේ නොවුණහොත් සමස්ත පරම්පරාවකටම අසාධාරණයක් සිදුවන බව ද කියා සිටියේය.