මින් ඉදිරියට ඉඩම් කට්ටි කිරීමේදී මතුපිට පස සංරක්ෂණය වන අයුරින් එම කටයුතු සිඳුකළ යුතු බව පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසයි.
එසේම අක්‍රමවත් ලෙස ඉඩම් කට්ටිකිරීම් නොකරන ලෙසත් පරිසරය ආරක්ෂා කරමින් එය සිදුකළ යුතු බවත් අමාත්‍යාංශය විසින් ඉඩම් කට්ටි කිරීමේ හා අලෙවි කිරීමේ ව්‍යාපාරයේ නිරතව සිටින ව්‍යාපාරිකයන් වෙත දන්වා තිබේ.
එසේම ස්වාභාවික සම්පත් කළමනාකරණයට අදාළව මාර්ගෝපදේශන සංග්‍රහයක් සම්පාදනයකර අදාල අංශ වෙත නිකුත් කිරිමටත් මධ්‍යම පරිසර අධිකාරියේ අවධානය යොමුව තිබේ.