ඉට්කා (ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික ගිවිසුම) ගිවිසුම දෙසැම්බර් මාසයේදී අත්සන් කෙරෙනු ඇති බවත්, ඊට මාසයකට පෙර ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් සංවර්ධන උපයා මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ආනයන අපනයන පාලන පනත යටතේ පාර්ලිමේන්තුවේදී නියෝග පිළිබඳ විවාදයට ගැනුණු අවස්ථාවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් හෙතෙම මේ බව පවසා සිටියේය.