ඉංජිනේරු සංස්ථාව බංකොලොත් ආයතනයක් බවත්, විවිධ දේශපාලන ව්‍යාපෘති සඳහා මසකට රුපියල් 80,000 බැගින් ගෙවමින් වාහන 33ක් යොදවා ඇති බවත්, නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
එසේම ජාතික නිවාස සංවර්ධන අධිකාරියද වාහන 15ක් කුලියට ගෙන මාසිකව විශාල මුදලක් අහිමිකරගෙන තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
පසුගියදා (14දා) මහනුවරදී පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මෙම කරුණු හෙළිකළේය.