ඇෆ්ගනිස්තාන ජනාධිපති හමීඩ් කර්සායි මහතා හෙට (23දා) සවස දිවයිනට පැමිණීමට නියමිතය. ඇෆ්ගනිස්තාන ජනපති ගුවන් තොටුපළේදී පිළිගනු ලබන්නේ විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා විසිනි.
එළඹෙන සඳුදා ඔහු පිළිගැනීමේ උත්සවයක් ජනාධිපති කාර්යාලය අභියසදි පැවැත්වෙයි. මෙහිදී හමුදා උත්තමාචාරයක් සහ එතුමා වෙනුවෙන් ආචාර වෙඩිමුර 21 ක් පිරිනැමීම සිදුවෙයි. ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවන ඇෆ්ගනිස්තාන් ජනාධිපති පසුව ද්ව්පාර්ශවික සාකච්ජාවට සහභාගි වෙයි.
එම සාකච්ඡාවෙන් පසුව ශ්රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය ගිවිසුම් සහ අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමටත් නියමිතය. අඟහරුවාදා පෙරවරුවේ ඇෆ්ගනිස්ථාන් ජනාධිපති සිය චාරිකාව නිම කර දිවයිනෙන් පිටත්ව යයි