අවිආයුධ ගණුදෙනුවේදී ක්රමවේද සහ නීතිමය කාරණාපිළිබඳව නාවික හමුදාපතිවරයාගේ කරුණු දැක්වීමෙන් පසුව ඇවන්ගාඩ් මැරිටයිම් සමාගම හා රජය අතර ගිවිසුම් සියල්ල අහෝසි කර මෙහෙයුම් සියල්ල නාවික හමුදාව යටතට පැවරීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා නියෝග කළ බව ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය. අද(11) පස්වරුවේ ජනපතිවරයාගේ ප්රධානත්වයෙන් පැවැති ඇවන්ගාඩ් පිළිබඳ විශේෂ සාකච්ඡාවේදී මේ තීරණය ගෙන තිබේ.
මෙම සාකච්ඡාවේ දී මේසම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළි වූ අතර ඒ සියල්ල ගැන විමර්ශනය කර වහාම නීතිමය පියවර ගන්නැයි පොලිස්පතිට හා නීතිපතිට ජනපති දැන්වූ බවත් සේනාරත්න මහතා කීය