කඳු කඩා වැටීමේ හා ගල් පෙරළීමේ අවදානම පහව ගොස් නැති නිසා තාවකාලිකව වසා දමන ලද ඇල්ල-වැල්ලවාය මාර්ගයේ ගමනාගමන කටයුතු තවදුරටත් අවහිරව පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එහි පස් ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් සිදු කෙරෙන බවද වාර්තා වෙයි.
ඊයේ (2දා) සවස දියතලාව - හපුතලේ මාර්ගයේත්, ඉදල්ගස්ඉන්න - ඔහිය මාර්ගයෙත් අවහිර වීම් හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා පැමිණ ඇති අතර, මෙම මාර්ගය පිළිසකර කිරීම ගුවන් හමුදාවේ සහාය ඇතිව සිදු කෙරෙන බවද පැවසෙයි.
මේ අතර, අධික වර්ෂාව හේතුවෙන් මහනුවර, නුවරඑළිය, බදුල්ල, කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා නිකුත් කර ඇති ආපදා අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ඉදිරි පැය 12 දක්වා ක්‍රියාත්මක වන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දී තිබේ.