ඇමෙරිකාවෙත් නැති ආර්ථික ක්‍රමයක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්යය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන්නේ සමාජ ආර්ථික වෙළදපොළ ක්‍රමයක් බවත් එය මේ වන විට ජපානයේ ක්‍රියාත්මක බවත් ඔහු පැවැසීය.
එසේම රජයේ ආයතන විකිණීමට කටයුතු නොකරන බවත් කරන්නේ සිංගප්පූරුවේ මෙන් රජයේ ආයතන එක් ආයතනයක් යටතට ගොස් රජය හා පෞද්ගලික අංශය එක්ව පාලනය කිරීම බවත් ඔහු පැවැසීය.