උදාවන සිංහල හින්දු අලුත් අවුරුද්ද ශ්රී ලංකා වාසින්ටත් දෙමළ ඩයස්පෝරාවටත් සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි ඇමෙරිකානු රාජ්ය ලේකම් ජෝන් කෙරී සුබ පැතුම් එක්කර තිබේ. ඇමෙරිකානු ජනපති බරැක් ඔබාමා වෙනුවෙන් තමන් මෙම සුබ පැතුම් එක් කරන බවත් කෙරී සඳහන් කරයි.
එසේම උදාවන අවුරුද්ද ශ්රී ලංකාව තුළ සමගි සන්ධාන වීමේ ක්රියාවලිය සාර්ථක කරගැනීම සඳහා අවස්ථාවක් කර ගන්නා ලෙසද කෙරී සඳහන් කළ බව ඉන්දියාවේ පී.ටී.අයි. පුවත් සේවය සඳහන් කළේය.