“විරුදු කියන්නේ අපේ ගැමි සමාජයේ තිබුණු හොඳ සන්නිවේදන මාධ්‍යයක්. මම හොඳ විරුඳු ගායකයෙක්. ඇමතිකම් මන්ත්රීකම් නැති දවසක මට විරුඳු කියලා ජීවත් වෙන්න පුළුවන්” යැයි සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ තම හැකියාව කොතරම්ද යන්න සනාථ කිරීමට ඉතා රසවත් අයුරින් හා නිවැරදි රිද්මයකින් විරුදු ගායනයක් ඉදිරිපත් කරමිනි.
රබානක් නොමැති වුවත් අමාත්‍යවරයා මයික්‍රෆෝන රදවනය දෙපසට රිද්මයානුකූලව තට්ටුකරමින් ඉතාම ප්රශස්ත මට්ටමින් තම ගායනය ඉදිරිපත් කළේ රැස්ව සිටි පිරිස ප්රමෝදයට පත් කරමිනි.
අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේ අද දින (21දා) පෙරවරුවේ නාරාහේන්පිට රුධිර පාලවිලයන සේවා මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ පැවති 2013 බෝ නොවන රෝග වැළැක්වීමේ වසරේ වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවට සමගාමීව එළිදැක්වුණු නීරෝගිමත් ජීවන රටාවක් සඳහා විරුඳු සංයුක්ත තැටිය එළිදක්වමිනි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ සහ ජාතික ගමනාගමන කොමිසමේ ඉදිරිපත් කිරීමක් ලෙස මෙය දුර ගමන් සේවා බස් රථ වලට බෙදාහැර, එමගින් ප්‍රජාව දැනුම්වත් කිරීමට කටයුතු යොදා ඇත.
මෙය මාතලේ නියෝජ්‍ය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඩී.එම්. විජේකෝන් බණ්ඩාර මහතා විසින් සහ අද පුවත්පතේ සෞඛ්‍ය මාධ්‍යවේදිනී නාලිකා රාජපක්ෂ විසින් පබැදු විරිඳු රචනාවක් වන අතර, එයට සංගීතය මුසුකොට ඇත්තේ ප්‍රවීණ සංගීතවේදී ලක්ෂ්මන් විජේසේකර විසිනි.