අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු සම්බන්ධයෙන් ඉතා ද්වේශසහගත සහ අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකර අධිකරණයට අපහාස කර ඇතැයි පවසමින් නීතීඥවරුන් තිදෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනුකර ඇත. මෙම පෙත්සම ගොනුකර තිබුණේ නීතීඥ රොෂාන් දේවින්ද, රංජිත් රාජසිංහ සහ නිමල් වීරක්කොඩි යන නීතීඥවරුන් තිදෙනා විසිනි. ඒ මගින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණි.
මෙම පෙත්සමට අනුව අමාත්‍යවරයා බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පසුගිය මහ මැතිවරණයට සමගාමීව පැවැති උත්සවයකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කොට ඇති බවත්, එය පෞද්ගලික රූපවාහිනී නාළිකාවක් මගින් පසුගිය ජූලි මස 26 වැනිදා සවස 8.00 පුවත්වලින් විකාශනය කළ බවත් සඳහන් වෙයි.
මේ අනුව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු සම්බන්ධයෙන් ද්වේශ සහගතව සහ අපහාසාත්මකව ප්‍රකාශයක් සිදුකොට ඇති බවටද පෙත්සම්කරුවෝ චෝදනා කර සිටිති.