ආසියාවේ අර්බුදයක් විසඳීම සඳහා මුල් වී කටයුතු කළයුත්තේ ආසියානු මහාද්වීපයේ රටවල් බවත්, ආසියාවේ සුරක්ෂිතභාවය සඳහා බහුපාර්ශ්වික යාන්ත්‍රණයක් ඇති කර ගැනීම වැදගත් බවත් ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වය හා විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සමුළුවේ නිරීක්ෂක රාජ්‍යයක් ලෙස සහභාගී වීමට චීනයට ගොස් සිටින ජනපතිවරයා සමුළුව අමතමින් ඉහත අදහස් ප්‍රකාශ කර තිබේ.
කලාපයක සාමය හා ස්ථාවරත්වය ගොඩනැගීමේදී එම ජාතීන්ගේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවයසුරක්ෂිත වීම අත්‍යවශ්‍යවන බවත්,මෙම මූලික අයිතිය ලොව පුරා උල්ලංඝනය වන බවත් ජනපතිවරයා සිය කතාවෙන් පැහැදිලි කර තිබේ.
ඔහු වැඩිදුරටත් පවසන්නේ ඇතැම් බාහිර කොටස් ප්රජාතන්ත්රවාදයේ මුවාවෙන් රටවල අභ්‍යන්තර ක්රියාදාමයන්ටමැදිහත් වීමට උත්සාහ දරන බවත් මේ හරහා ජාතීන් මෙන්ම කලාපය අස්ථාවර වීමට හේතු වන බවත්ය.