බීම වර්ග වල අඩංගු සීනි ප්‍රමාණය සඳහා ලේබල් කුමයක් හඳුන්වාදුන් පරිදි වෙළදපොළේ අලෙවිවන ආහාරවල අඩංගු ලුණු හා සංතෘප්ත මේද ප්‍රමාණයද ප්‍රදර්ශනය කෙරෙන ලේබල් ක්‍රමයක් ඉදිරියේදී හඳුන්වාදීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවැසීය.
ඔහු මේ බව පැවැසුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අද (08දා) අමතමිනි. බීම වල අඩංගු සීනි ප්‍රමාණය සටහන්කර ඇති ලේබල් ප්‍රදර්ශනය නොකරන පාන වර්ග සම්බන්ධයෙන් නිතිමය ක්‍රියාමාර්ග ගැනිමට කටයුතු කරන බවත් ඔහු කීවේය.
ඉදිරි සති දෙක තුළ වෙළඳපොළේ විශේෂ විමර්ශනයක්ද මේ වෙනුවෙන් ක්‍රියාත්මක කරවන බවද ඔහු පැවැසීය.