ආසියානු රදගුරු සමුළුව ප්‍රථම වරට ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත බවත්, එය නොවැම්බර් 28 සිට දෙසැම්බර් මස 05 දක්වා මීගමුවේදී පැවැත්වෙනු ඇති බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.
මුදල් අමාත්‍යවරයා පසුගිය 22 වැනිදා පෙරවරුවේ අතිඋතුම් ආචාර්ය මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් හමුවූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
මෙම සමුළුව සඳහා ආසියානු කලාපය නියෝජනය කරමින් රදගුරුවරුන් 150කට අධික පිරිසක් සහභාගී වීමට නියමිත ය.