ආසියානු දේශපාලන ජාත්‍යන්තර සමුළුවේ 2014 වසරේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලැබී තිබේ. ඒ අනුව එම සමුළුව එළඹෙන සැප්තැම්බර් මස 18 වැනිදා සිට 21 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනු ඇත.
මෙම සමුළුව සඳහා ආසියානු කලාපයේ රටවල දේශපාලන පක්ෂ 100කට ආසන්න ප්‍රමාණයක නියෝජිතයන් සහභාගීවීමට නියමිතය. පසුගිය ජූලි මාසයේදී ආසියානු දේපාලන පක්ෂ අන්තර්ජාතික සමුළු ස්ථාවර කමිටුවේ මහලේකම් චුන්ග් යූ යොන් මහතා හා ජනපති මහින්ද රජාපක්ෂ මහතා අතර ඇති වූ හමුවකින් පසු සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ජනාධිපතිවරයා විසින් යොන් මහතාට ආරාධනා කරන ලදී.
මෙවර සමුළුවේ තේමාව වී ඇත්තේ ‘ආසියානු ප්‍රජාවක් ගොඩනැගීම’ යන්නයි.