අපවත්වී වදාළ අතිපූජ්‍ය ආචාර්ය හාරිස්පත්තුවේ ආරියවංශාලංකාර ස්වාමින් වහන්සේගේ ශ්‍රී දේහය අද (23දා) යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය වෙත භාර දීම සිදුවිණි.
කොළඹ සිට යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය දක්වා අවමංගල්‍ය රිය පෙරහරකින් ශ්‍රී දේහය වැඩම කරවූ අතර, අවමංගල්‍ය පෙරහර සවස 5.00 වනවිට යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය වෙත ළඟා විය.
උන්වහන්සේට අවසන් ගෞරවය දැක්වීම සඳහා මහා සංඝරත්නය, යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ විද්‍යාර්ථයන් සහ බොහෝ පිරිසක් රැස්ව සිටියහ. උන්වහන්සේගේ දේහය ආයුර්වේද වෛද්‍ය සිසුන්ගේ මතු ප්‍රයෝජනය සඳහා ලබා දෙන ලෙසට උන්වහන්සේ කර තිබූ ඉල්ලීමක් අනුව දේහය මෙසේ විද්‍යාතනය වෙත භාරදුන්නේය.