රට තුළ සිදුවන ආපදා වළක්වා ගැනීමට සහ පෙර සූදානම් වීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පුළුල් වැඩසටහන් ඒකකය විසින් මිනිදෝරු දෙපාර්තමේන්තුවේ සහයෝගය මත සකස් කළ සිතියම් 17 අද (18දා) අදාළ වගකිව යුතු ආයතවලට ලබාදීමට නියමිතය.
මෙම සිතියම තුළ වර්ෂා ජලය හෝ ආසන්නයේ පවතින ජල මූලාශ්රවල ජල මට්ටම ඉහළ ගියහොත් ජලයෙන් යටවන ප්‍ර‘දේශ සහ නායයාම්වලට ලක්විය ස්ථාන ඇතුළු වෙනත් ආපදාවලදී අවදානමට ලක්වෙන ස්ථාන ඇතුළත් කර තිබේ.
මෙලෙස සකස් කළ සිතියම පළාත් පාලන ආයතන නිලධාරීන්ට, නාගරික සංවර්ධන අධිකාරියට හා පහත්බිම් සංවර්ධන අධිකාරියට අද (18දා) ලබාදීමට නියමිතය.